දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා බල ශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් පිළිතුරු බැඳ තිබේ. එම සම්පූර්ණ නිවේදනය පහතින්…
ජවිපෙ කියන්නේ බොරු. ත්‍රිකුණාමලය ඇමෙරිකාවට ලබා දීමට මම කටයුතු කලේ නෑ.
දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැඳවුම්කරු ලෙස පෙනී සිටිමින් ජවිපෙ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් මා පිළිබඳ බොරු වැලක් ප්‍රකාශ කර තිබෙනවා. ත්‍රිකුණාමල වරාය, තෙල් ටැංකි සංකීර්ණය සහ ඒ ආශ්‍රිත අක්කර 33,000ක් ඇමෙරිකාවට බදු දෙන්න මා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවට ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
ඔහුගේ ප්‍රකාශය පට්ටපල් බොරුවක්. මා එවැනි අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් නොකල බවත් ඉදිරිපත් කලා නම් එහි පිටපතක් පෙන්වන ලෙසත් මම ඔහුට අභියෝග කරනවා.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ජවිපෙ සටන් සගයා වන එක්සත් ජාතික පක්ෂය විසින් 2003 දී ඉන්දියාවට වසර 35කට බදු දී ඇති බැවින් එම ටැංකි නැවත තවත් රටකට බදු දීමේ හැකියාවක් නොමැති බව වසන්ත සමරසිංහ මහතාට නොතේරිමෙන් පෙනී යන්නේ 2003ට 35ක් එකතු කල විට පිලිතුර 2038 බවත් අපි තවමත් ඉන්නේ 2021 බවත් එතුමා නොදන්නා බවයි.
ත්‍රිකුණාමල වරාය ඇමෙරිකාවට බදු දෙනවා නම් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කල යුත්තේ වරාය ඇමති මිස බලශක්ති ඇමති නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වන වසන්ත සමරසිංහ මහතා නොදැන සිටීම හාස්‍යජනකය. එමෙන්ම ඇමෙරිකාවට බදු දීමට තබා දේශීය අවශ්‍යතාවයකට භාවිතා කිරීමටවත් බලශක්ති අමාත්‍යාංශය සතුව ත්‍රිකුණාමලයේ අක්කර 33,000ක් නොමැති බවත් අක්කර 33,000ක් යනු ගම්මාන රාශියක් පුරා පැතිරෙන දැවැන්ත ඉඩමක් බවත් සමරසිංහ මහතාගේ සාමාන්‍ය දැනීම සඳහා දැනුම් දෙමි.
සමරසිංහ මහතා සැබැවින්ම කර ඇත්තේ අධිවේගි මාර්ග සඳහා දරණ වියදම පාරේ රත්තරන් ගෑමට ප්‍රමාණවත් බවටත් කොළඹ වරාය නගරය සඳහා මුහුද ගොඩ කලොත් ලංකාවේ ගල් සියල්ල අවසන් වන බවටත් හම්බන්තොට වරායට නැව් ගෙන ඒමට නොහැකි බවටත් ප්‍රකාශ කල ජවිපෙ බොරු වැලට තවත් බොරු තුනක් එකතු කිරීම පමණි. එබැවින් බුදුන් වහන්සේ කාලාම සූත්‍රයේ දේශනා කල අයුරින් යමෙකු පැවසූ පමණින් පිලිනොගෙන එහි සත්‍යාසත්‍ය බව විමසීමට ලක් කලේ නම් වසන්ත සමරසිංහ මහතාටත් ජවිපෙටත් මෙසේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීමට සිදු නොවනු ඇත.
උදය ගම්මන්පිල
බලශක්ති අමාත්‍ය

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...