කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසා සිටියේ ත්‍රිකුණාමල වරාය, තෙල් ටැංකි සහ එහි අක්කර තිස්තුන්දහසක් ඇමෙරිකාවට බදුදීම සඳහා ආණ්ඩුව කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත්කර ඇති බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, ” උදය ගම්මන්පිල මහතා කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කර තිබෙනවා ති‍්‍රකුණාමලය වරාය, තෙල් ටැංකි ටික සහ අක්කර තිස්තුන්දහසක භූමි ප‍්‍රමාණයක් ඇමෙරිකාවට බදු දෙන්න.මේ ආණ්ඩුව කටයුතු කරන්නේ කුමන මානසිකත්වයෙන් දැයි කියා මින් ජනතාවට තේරුම්ගත හැකියි. මේ ආණ්ඩුවේ තීන්දු තීරණ ගන්නා අය සිටින්නේ ඇමෙරිකානු මානසිකත්වයෙන්.
පසුගිය කාලයේ ඛනිජ තෙල් පනත සංශෝධනය කරලා ඇමැතිවරයාට අවශ්‍ය පරිදි පෞද්ගලික සමාගම්වලට තෙල් බෙදාහැරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.
හම්බන්තොට වරාය චීනයට බදු දුන්නා. එය ආයෝජනයක් ලෙස පැවසුවා. එය ආයෝජනයක් ලෙස සලකන්න අකමැතිවූ මේ ආණ්ඩුව අද ති‍්‍රකුණාමල වරාය තෙල් ටැංකි ඇමෙරිකාවට බදු දෙන්න කටයුතු කරනවා. ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, අගමැති මහින්ද රාජපක්‍ෂ මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ බලශක්ති ඇමැති උදය ගම්මන්පිල එකතුවී සිටිනවා. ඊට අමතරව කෙරවලපිටිය එල්.එන්.ජී. බලාගාර ව්‍යාපෘතියේ සියයට හතළිහක් ඇමෙරිකාවට ලබාදෙන්න තීන්දු කරලා. මේ අනුව අත්සන් නොකරනවා කියපු එම්.සී.සී. ගිවිසුම ආණ්ඩුව කි‍්‍රයාත්මක කරනවා.”යනුවෙන් පවසා සිටියේය.
එහිදී මාධ්‍යයවේදීන් නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ,”රටේ සම්පත් විකුණන්න ජනතාව මේ ආණ්ඩුවට බලයදී නැහැ. එම්.සී.සී. ගිවිසුම හරහා සකස් කළ ඇමෙරිකානු කොරිඩෝව ති‍්‍රකුණාමලය වරයා හරහා කෙරවලපිටිය නොරච්චෝල විදුලිබලාගාර දක්වා ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් මේ ආණ්ඩුව ලබාදෙනවා.හම්බන්තොට වරාය චීනයට, ති‍්‍රකුණාමලය, ඇමෙරිකාවට, කොළඹ වරාය ඉන්දියාවට දුන්නට පස්සේ රටේ ජනතාවට සිදුවන්නේ හැංගෙන්න බංකර් හදාගන්න විතරයි.මෙලෙස විකුණන්න හදන ජාතික සම්පත්වලට එරෙහිව ජනතාව පාරට බහින්න පෙර මෙම පනත් හකුලා ගන්න කියා ආණ්ඩුවට අප කියනවා. මේවාට විරුද්ධ ජනතාව පාරට බහිනකොට කොරෝනා පතුරන්න හදනවා කියා පවසන්න එපා.”යනුවෙන් පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
Gon namban rata duyuni wenawata akamathi
raten elawanna ona mun