දේශීය පුවත්

2021-08-07 ඊයේ දින රාත්‍රී 8 සිට 8.25 දක්වා 97.4 සංඛ්‍යාත ඔස්සේ කොළඹට විසුරුවා හැරෙන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි සේවයේ විකාශය වූ “Culture of Islam” නැමති වැඩසටහනකදී අන්තවාදී ඉගැන්වීම් වක්‍රව සිදුකල බව සම්ප්‍රධායික මුස්ලිම්වරු සඳහන් කර සිටිනවා.

මෙම වැඩසටහන මෙහෙයවා ඇත්තේ ෆාතිමා රාසික් නැමති නිවේදිකාවක් වන අතර ආරාධිතයෙකු ලෙස ඊට සහභාගී වී ඇත්තේ 2020 මහාමැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ ටී.කේ අසුර් නැමති නීතිඥවරයෙකි.

ටී.කේ අසුර් මෙරට මැලේ ජාතිකයින් නියෝජනය කරනවා යැයි පවසමින් ක්‍රියාකාරිකයෙකු ලෙස සමාජයේ පෙනීසිටි පුද්ගලයෙක් වන අතර මෑතක සිට ඔහු දැඩි අන්තවාදී මත දරමින් වැඩ කරන පුද්ගලයෙක් බවයි වැඩිදුරටත් අපවෙත වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි සේවයේ ඊයේ පැවැත්වූ වැඩසටහනට සහබාගී වෙමින් කුරාණය 85 වන පරිච්චේදය අල් බුරුජ් පිළිබඳව කතා කර ඇත.

ඒ අතරතුර ඊබ්‍රහිම් නබිතුමාව ගමේ මිනිස්සු එකතුවී ගිනිගොඩකට දැමූ බවත් ගින්නට දැමූ පසු නබි තුමාට සීතලක් දැනුනු බවත් සඳහන් කර ඇත.

අදාළ සිද්ධිය ඇතිව තිබෙන්නේ, ගම් වැසියන් විසින් වන්දනා මාන කල පිළිම ඊබ්‍රහිම් නබිතුමා විසින් කඩා දමා ඇති අතර එයට උරණ වූ ගම්වැසියන් විසින් ඔහුව අල්ලා ගින්නට දමා ඇත.

එමෙන්ම බුරුජ් සහ ඊබ්‍රහිම් නබි තුමා පිලිබඳ සිද්ධිය අතර කිසිදු සම්බන්ධතාවයක් නොමැති අතර ඔහු හිතා මතා මෙම සිද්ධි දෙක පටලවා යම් අන්තවාදී පණිවුඩයක් ඉස්ලාම් භක්තිකයන්ට දීමට උත්සහ ගෙන ඇත.

“අසුර් විසින් නොකියා ප්‍රකාශ කරීමට උත්සහ ගන්නේ ප්‍රතිමා කඩපු වරදට ගින්නට දැම්මත් සීතලක් දැනෙනවා යන්නද?” යන ප්‍රශ්නය පැන නැගී ඇත.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව අන්තවාදීන්ගේ තෝතැන්නක් වීම.

ගුවන්විදුලි සංස්ථාව අන්තවාදී දේශකයන්ට අවස්ථාව ලබා දීම පිළිබඳව අප විසින් දිගින් දිගටම වාර්තා කරණයේ නිරත විය. ඉදිරිපත්වූ පැමිණිලි සලකා බලමින් එකල ගුවන්විදුලි සංස්ථා සභාපති විශාරද ජගත් වික්‍රමසිංහයන් විසින් අන්තවාදී මත පලකරන දේශකයන් කිහිපදෙනෙකු වාරණය කිරීමට ද කටයුතු කරන ලදි. කෙසේ වෙතත් එල්ලවූ බලපෑම් මත ජගත් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසුව යලිත් ගුවන්විදුලි සංස්ථාව අන්තවාදීන්ගේ තෝතැන්නක් බවට පත්ව ඇති අතර ගුවන්විදුලි සංස්ථාවේ දුෂිත නිලධාරීන් සහ අන්තවාදී නිලධාරීන් මැදිහත් වී වාරණයට ලක්වූ දේශකයන්ට යලි අවස්ථාව ලබාදෙමින් සිටියි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More