දේශීය පුවත්

වෙළදපොලේ ගෘහස්ත ලාෆ් ගෑස් නොමැතිවීම හේතුවෙන් පාරිභෝගිකයන් අපහසුතාවයට පත්වීම වැලැක්වීම සඳහා ගෑස් සිලින්ඩරය ආපසු ලබාගෙන ඒ සඳහා පාරිභෝගිකයන්ගෙන් ලබාගෙන ඇති තැන්පතු මුදල ආපසු ගෙවීමට වැඩපිළිවෙලක් යොදන ලෙස දන්වමින් පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත ලිපියක් යොමු කර ඇත.

අදාළ ලිපිය…

බන්දුල ගුණවර්ධන මහතා
වෙළද හා සමූපකාර කටයුතු අමාත්‍ය
වෙළද හා සමුපකාර කටයුතු අමාත්‍යාංශය ,
කෙළඔ 02.

අමාත්‍යතුමණි

වෙළදපොලේ ගෘහස්ත ලාෆ් ගෑස් නොමැතිවීම

මෙරට ගෑස් පාරිභෝගිකයින් ලාෆ් ගෑස් සමාගමෙන් ගෘහස්ත ගෑස් සිලින්ඩර සදහා මුදලක් තැන්පත් කරමින් අදාල ගෘහස්ත ගෑස් සිලින්ඩර ලබාගෙන ඇත. එහෙත් පසුගියදා අදාල සමාගම නිවේදනය කළේ තම සමාගම වෙළද පොළ වෙත ගෑස් ගෘහස්ත ගෑස් නිකුත් නොකරන බවයි. එහෙත් එහිදී අදාල සමාගම එම සමාගමෙන් ගෘහස්ත ගෑස් සිලින්ඩර සදහා මුදල් තැන්පත් කරමින් ගෘහස්ත ගෑස් සිලින්ඩර ලබාගත් පාරිභොගිකයින් පිළීබදව කිසිදු සදහනක් කර නොමැත.

අදාල සමාගමේ ක්‍රියාකලාපය නිසා මෙරට දහස් ගණනක් ගෘහස්ත ගෑස් පාරිභෝගකියින් අසාධාරණයට පත්ව ඇත. එම සමාගම තවදුරටත් ගෘහස්ත ගෑස් නිෂ්පාදනයේ නිරත නොවන්නේ නම් පාරිභෝගකියින් විසින් මුදල් තැන්පත් කරමින් ලබාගත් ගෘහස්ත ගෑස් සිළීන්ඩර නැවත සමාගම වෙත ලබාගෙන පාරිභෝගකියින් ගෘහස්ත ගෑස් සිළින්ඩර සදහා තැන්පත් කල මුදල් නැවතත් ඔවුන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙස අදාල සමාගමට දැනුම් දෙන ලෙස ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින අතර මෙම අසීරු අවස්ථාවේ මෙරට ගෘහස්ත ගෑස් පාරිභොග්කියින්ට නැවත මුදල් තැන්පත්කරමින් වෙනත් සමාගමකින් ගෘහස්ත ගෑස් සිළීන්ඩරයත් ලබා ගැනීමට නොහැකි බවත් ඔබතුමාවෙත කරුණාවෙන් දැනුම් දෙමු.

තවද අදාල සමාගමේ කහපාට ගෘහස්ත ගෑස් සිළින්ඩරය වෙනුවට අනෙත් සමාගමේ නිලපාට ගෘහස්ත ගෑස් සිළින්ඩරය ලබාදීම ප්‍රායෝගික හා නීතිමය වශයෙන් බාධාකාරී ක්‍රියාවක් වන බවද සදහන් කරමු.

මීට විශ්වාසී,
රංජිත් විතානගේ – සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More