දේශීය පුවත්

මහරගම විද්‍යාකර පාරේ පිහිටි කාන්තාවන් පමණක් ජීවත්වන නිවසකට අයුතු ලෙස බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගලයෙකුට සහ ඔහුගේ සහචරයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වී නොමැති බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසනවා.

මෙම අයුතු ඇතුල්වීම පිළිබඳව නිවස හිමි කාන්තාව විසින් දහවල් මහරගම පොලීසියට පැමිණිලි කර ඇති අතර පසුව පොලීසිය විසින් බලහත්කාරය පෑ පුද්ගලයා පොලීසියට ගෙන්වා අත්අඩංගුවට නොගෙන ආපසු යවා ඇති බවත් එලෙස යැවීමෙන් පසු අදාළ පුද්ගලයා යලිත් පිරිසක් සමග පැමිණිලිකාර කාන්තාවගේ නිවසට පැමිණ වාහන තුනක් බලහත්කාරයෙන් ඉඩමට ඇතුළු කර නවතා දමා ඇති බවත් විතානගේ මහතා සඳහන් කර සිටිනවා.

අදාළ පුද්ගලයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වීමේ මන්දගාමී ස්වරුපයක් තිබෙන බවත් මෙරට ජීවත්වන සාමාන්‍ය ජනතාවට නිදහසේ ජීවත්වෙමේ අවකාශය අහිමි වීමේ නිදසුනක් ලෙස මෙම සිද්ධිය පෙන්නුම් කරන බවත් ඒ මහතා පැවසීය.

පාරිභෝගිකයන්ට අසාධාරණයක් සිදුවෙන ආකාරයට පොලී කාරයින්ට අවශ්‍ය ආකාරයට නීතිය නැමීම නින්දිත සහගත තත්වයක් බවයි විතානගේ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

මෙම බලහත්කාරකම සිදුකර ඇති පුද්ගලයා රත්නායක නැමති මහරගම ප්‍රදේශයේ පොලියට මුදල් ලබා දෙන පුද්ගලයෙක් වන අතර ඔහු ප්‍රභූ පිරිස් සමග ඉතා මිත්‍රශීලි පුද්ගලයෙක් බව අප සිදුකල සොයා බැලීමකදී අනාවරණය විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More