දේශීය පුවත්

අධ්‍යාපන ලේකම්වරයා ව්සින් මීට පෙර ගුරු – විදුහල්පතිවරුන් සේවයට කැඳවීමට ගෙන තිබූ තීරණය වෙනස් කරමින් නිවසේ සිට ඔන්ලයින් ක්‍රමයට ඉගැන්වීම් සිදුකරන ලෙස දන්වමින් සියලුම අධ්‍යාපන නිලධාරීන් වෙත ලිපියක් නිකුත් කර ඇති බව වාර්තාවේ.

අධ්‍යාපන ලේකම්වරයා නිකුත් කළ එම ලිපියට අනුව කොවිඩ් වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තිය මත සියලුදෙනා රාජකාරියට කැඳවීම අත්‍යාවශ්‍ය නොවන බැවින් පාසල්වල අධ්‍යයන කාර්ය මණ්ඩලවලට නිවසේ සිට රාජකාරි කළ හැකි බවත් සේවා ස්ථානයට නොපැමිණ නිවසේ සිට රාජකාරි ඉටුකරනු ලබන කාල සීමාව තුළ ගුරුභවතුන් මාර්ගගත ක්‍රමයට හෝ වෙනත් විකල්ප ක්‍රම භාවිත කොට සිසු සිසුවියන්ට ඉගැන්වීම් කළ යුතුය.

මේ සම්බන්ධව අදහස් දක්වන ගුරු විදුහල්පති සංගම් පවසන්නේ සිය වැටුප් ගැටලුව විසඳන තුරු අඛණ්ඩව වර්ජනයේ නිරත වන බවය.

ලංකා ගුරු සංගමයේ සභාපති, ජෝසෆ් ස්ටාලින් මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින්

“සඳුදා සිට පාසල් පැමිණිය යුතුයි කියා දැනුම් දෙන්නේ ඉරිදා රෑ . 247,000ක් ගුරුවරු, 16,000ක් විදුහල්පතිවරු එක පයින් අපි පාසල් යන්නේ නෑ කියන තැන හිටියා. ගියේ නෑ කිසිකෙනෙක්. ඊට පස්සේ නැවත 4 වෙනිදා දැන්වීමක් කරනවා පාසලට වාර්තා නොකළොත් නිවාඩු දැමිය යුතුයි කියා. ඉස්කෝලේ ළමයි කැඳවලත් නෑ. පිරිසිදු කරලා නෑ. පාසල් එන්න කියලා ගුරුවරුන්ට දැන්වීම් කරනවා. මේ වන විට තව දැන්වීමක් එවනව ඉස්කෝල් පැමිණීමට අවශ්‍ය නෑ ගෙදර ඉදලා ඔන්ලයින් කරන්න කියලා. මොන ලැජ්ජාවක් නැතුව ද මේවා කරන්නේ. ඔන්ලයින් හරි වෙනත් විකල්ප ක්‍රම හරි කරන්න. ඉතින් සල්ලි දෙන්න එපැයි. තමන්ගේ වගකීම් ඉටුකරන්නේ නැතුව ගුරුවරුන්ට ලියුම් ගහනවා.” යනුවෙන් පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More