දේශීය පුවත්

අද දෙරණ “BIG FOCUS වැඩසටහන සමඟ එක්වෙමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසා සිටියේ මෙරට තුළ කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවයි.

ඔහු පෙන්වා දෙන්නේ, දෛනිකව වාර්තා වන නව ආසාදිතයින් ඉහළයාම හේතුවෙන් ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සිදුව ඇති බවයි.

එහිදී උපුල් රෝහණ මහතා පෙන්වා දුන්නේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් හඹා යාම හා ඔවුන් හඳුනාගැනිමේ කටයුතු සිදුකිරීමට නොහැකි වී ඇති බවත් මේ වන විට ගම්පහ ඇතුළු ඇතැම් දිස්ත්‍රික්කවල දෛනිකව ආසාදිතයින් 1,000 ඉක්මවා වාර්තා වන බවත් ඒ හේතුවෙන් වසංගත රෝග විද්‍යා අංශයේ දෛනික ආසාදිත වාර්තා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රාදේශීය වශයෙන් ලබාදෙන දත්ත අතර පරස්පරතාවයක් පවතින බවත්ය.

මේ අතර කොළඹ ජාතික රෝහලේ ආරංචි මාර්ග පවසන්නේ මේ වන විට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ ධාරිතාවය ඉක්මාව ගොස් ඇති බවයි.

කොවිඩ් මෘත දේහ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු උපුල් රෝහණ මහතා,

“ඊයේ දින සන්ධ්‍යාවේ මට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් දුරකථන ඇමතුමක් දීලා රෑ එළිවෙනකල් දැන් මෘත දේහ ආදහනය කරන බව කීවා. එතුමා මට කටහා කරනවිටත් කොවිඩ් -19 යැයි සැක සහිත මෘත දේහ 22ක් ආදහනය කර තිබෙනවා. වාද්දුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ඉහළ පෙළේ නිලධාරියෙකුගේ ඥාතියෙකුගේ මෘත දේහයක් ආදාහනය කර ගැනීමට මටත් මැදිහත් වීමට සිදුවූවා. ඒ වෙනවිටත් අදාල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට මෘත දේහ ආදාහනය කිරීම සඳහා පොරොත්තු ලේඛනයක් තිබුණා. මේ තත්ත්වය තවදුරටත් පවත්වාගෙන ගියොත් රෝහල් හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවත් හදලා වැඩක් නෑ. තවත් ආදාහනාගාර තමයි හැදිය යුතු වෙන්නේ කියන එක පැහැදිලියි.” යනුවෙන් පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More