මිරිහාන, නුගේගොඩ, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත සහ බම්බලපිටිය යන ප්‍රදේශ ආශ්‍රීතව යම් පිපිරීමක් සිදුවීමට ඉඩ ඇති බවට සමාජ මාධ්‍යජාලවල මෙන්ම අන්තර්ජාලය ඔස්සේ මේ වන විට ව්‍යාජ පුවතක් නිර්මාණය වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයා විසින් සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ අදාළ අසත්‍ය පුවත 2019 වසරේ අප්‍රේල් මස 25 වනදා යම් පුද්ගලයෙකු විසින් යවන ලද පණිවුඩයක් බවත් ඔහු නැවතත් එම අසත්‍ය පණිවුඩය බෙදා හැරීමක් සිදුකර ඇති බවත්ය.
එම නිසා ඒ සම්බන්ධයෙන් කිසිදු කලබලවීමක් අවශ්‍ය නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ විමර්ශනයක් සිදුකරන බවද ඒ් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...