දේශීය පුවත්

රට බරපතල විදේශ විනිමය අර්බූදයකට මුහුණ දී සිටියදී රාජ්‍යය වානිජ නීතිගත සංස්ථාව හරහා වෙඩි නොවදින හෙල්මට් 10,000ක් විදේශීය රටකින් ආනයනය කිරීමට ඇමති බන්දුල ගුණවර්ධන මහතා අවසර දී ඇතැයි වාර්තා වේ.
එම ආනයනය සඳහා අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා විසින් භාන්ඩාගාරය හරහා ඩොලර් මිලියන 10ක ඇපකරයක්ද ලබා ගෙන ඇති බවද වාර්තා වේ.

නමුත් යුද්ධය පැවැති වකවානුවේ පවා දේශීය සමාගමක් විසින් වෙඩි නොවදින හෙල්මට් 75,000ක් නිෂ්පාදනය කර රජයට සපයා ඇති බව පවසන රාජ්‍යය වානිජ නීතිගත සංස්ථා සේවකයෝ අදාල දේශීය සමාගමට එම ටෙන්ඩරය ලබා දුන්නේ නම් රට මුහුණ දී සිටින ඩොලර් අර්බූදය හමුවේ රට තුල විදේශ විනිමය ඉතිරි කර ගැනීමට අවස්ථාව සැලසෙන බව පවසති.

මේ අතර සංස්ථා සේවකයෝ දැඩිව චෝදනා කරන්නේ  විදේශ විනිමය නොමැති කමින් මේ තරම් දුෂ්කර තත්වයකට රට මුහුණ දී සිටින අවස්ථාවක දේශීය නිෂ්පාදකයන් සිටියදී විදේශ රටකින් වෙඩි නොවදින හෙල්මට් ගෙන ඒමට සැරසෙන්නේ කවුරුන් හෝ කෙනෙකු කොමිස් ගසා ගැනීමේ උවමනාවෙන් බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More