දේශීය පුවත්

රෝග ලක්ෂණ නොමැති සහ සුළු රෝග ලක්‍ෂණ සහිත කොරෝනා ආසාදිතයින් නිවෙස් නිරෝධායනය සහ කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය උපදේශන මාලාවක් නිකුත් කර තිබෙනවා.

එම උපදෙස් මාලාව අනුව :

1.නිවෙස් නිරෝධායනයට යොමු කෙරෙන ආසාදිතයින් පරීක්ෂා කිරීමින් සහය වීම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) වෙත පැවරේ.

2.නිවෙස් නිරෝධායනය සඳහා යොමු කිරීමේදී පහත කරුණු ද සලකා බැලේ.

ආසාදිතයා වයස අවුරුදු 02 ත් 65 ත් අතර විය යුතු ය.
ඔහු හෝ ඇය සනීපාරක්ෂක පහසුකම් සහිත හොඳින් වාතාශ්‍රය ඇති වෙනම කාමරයක නිරෝධායනය විය යුතු ය.
ආසාදිතයාට රෝගී තරබාරුව, දියවැඩියාව, අධිරුධිර පීඩනය, නිදන්ගත (හෘද / පෙනහළු / වකුගඩු) වැනි රෝගී තත්ත්වයන් නොතිබිය යුතු ය.
නිවස තුළදී ප්‍රමාණවත් ස්වයං රැකවරණයක් හෝ රැකබලා ගැනීම සඳහා සහයක් යුතු ය.
නිරෝධායනයට යොමු වන ස්ථානයේ නිසි සන්නිවේදන පහසුකම් සහ සන්නිවේදන හැකියාව තිබිය යුතු ය.

3.ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH ) විසින් නිවෙස් නිරෝධායනය සඳහා සුදුසුකම් ලත් පුද්ගලයින් ‘නිවෙස් නිරෝධායනය කිරීමේ සහ කළමනාකරණ පද්ධතිය’ (PHIM) තුළ ලියාපදිංචි කරනු ඇති.
එම පද්ධතිය හරහා රෝගියාගේ වගකීම ඇමතුම් මධ්‍යස්ථානයට සහ වෛද්‍ය සේවා කණ්ඩායමට පැවරේ.

4.වෛද්‍ය සේවා කණ්ඩායම් වෛද්‍ය උපදේශකයින් විසින් අධීක්ෂණය කරනු ඇත.

5.ඇමතුම් මධ්‍යස්ථානය රෝගියා නිවෙස් නිරෝධායනය සහ කළමනාකරණය පැවරී ඇති අදාළ වෛද්‍ය කණ්ඩායම සමග සම්බන්ධීකරණය කරනු ඇත.
කණ්ඩායමේ නියම කරන ලද වෛද්‍යවරයෙකු විසින් රෝගියා පිළිබඳ මූලික තක්සේරුවක් සහ දෛනික අධීක්‍ෂණයක් සිදු කරයි

6.ඒ අනුව රෝගී තත්ත්වය පිළිබඳ තොරතුරු PHIM පද්ධතිය තුළ සටහන් කෙරේ

7.වෛද්‍ය සේවා කණ්ඩායම අඛණ්ඩව රෝගීන්ගේ රෝග ලක්ෂණ අධීක්ෂණය කරනු ඇත.

8.රෝහල්ගත කිරීමට අවශ්‍ය රෝගීන් හඳුනාගෙන රෝගියා රෝහලට ගෙන යාමට පහසුකම් සලසන විශේෂඥ වෛද්‍ය නිලධාරියෙකුට භාර දෙයි.

දැනට බස්නාහිර පළාතේ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක සංකූලතා නැති කොවිඩ් ආසාදිතයන් නිවෙස් තුළ රඳවා ප්‍රතිකාර කිරීමේ මෙම ක්‍රියාවලිය ලබන සඳුදා සිට දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට නියමිතයි

නිවෙස් තුළ නිරෝධායනය සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍යවරුන් සහ විශ්‍රාමික වෛද්‍යවරුන් මෙන්ම හෙද කාර්ය මණ්ඩලවල මණ්ඩලවල සහය ලබා ගැනීමට අපේක්ෂිත අතර විශේෂයෙන් ගැබිණි වෛද්‍යවරුන් 200 ක් නිවෙස් නිරෝධායන අධීක්ෂණය සඳහා යෙදවීමට ද සැලසුම් කර තිබෙනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More