දේශිය දැනුම සහ ජනශෘති විශේෂඥ මතුගම සෙනෙවිරුවන් විසින් රචිත “දේශීය ආහාර සහ දිවි පැවත්ම” නමින් වු කෘතිය ඊයේ කොබ්බෑකඩුව ගොවි පරියේෂණ ආයතනයේදි එළිදැක්විය.
ජාතික විද්‍යා පදනම මගින් දේශිය දැනුම් පද්ධතියක් සොයා යෑම සඳහා ගනු ලැබු උත්සහායේදි කරන ලද ගවේශණයන් ගේ ප්‍රථිපලයක් ලෙස මෙමෙ ග්‍රන්ථය දොරට වැඩීමට හැකි වු බවත් එහිදි අප විසින් ගම් දනවු වලට යමින් සොයා ගත් දැනුම අපට එකතු කල වාර්තාවන් නිකුත් වුනත් ඒවා පොතක ලෙස පල කිරිම විවිධ හේතුනිසා කල් ගියා. අපගේ දේශිය ආහාර සංස්කෘ තියක් බිහිකිරිමට මේ පොතේ තොරතුරු ඉවහල් වේවීයැයි මතුගම සෙනෙවිරුවන් මහතා ප්‍රකාශ කලා.
මෙම අවස්ථාවට වැඩමවා වදාළ පුජ්‍ය ඛෙංගමුවේ නාලක නයකහිමි මෙහි මුලසුන හෙබවූහ.
මේ අවස්ථාවේදි ආචාර්‍ය නිමල් ද සිල්වා සහ මානව හිමිකම් කොමිසමේ සාමාජික ආචාර්ය එම්.එච්. නිමල් කරුණාසිරි මහතා විසින් විද්වත් දෙසුම් පැවත් වු අතර මාලේවන වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය කේ.ඒ විජේරත්න මහතා විසින් උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වන ලදි.
පවතින වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව උත්සවය පැවති අතර සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, වෘත්තිකයින්, මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී සිටියා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...