සජබ පාර්ලිමේන්තු මංත්‍රී තිස්ස අත්තනායක විසින් පුද්ගලික පනතක් ලෙස 2021 අගෝස්තු මස 03 වන දින ඉදිරිපත් කරන ලද 2021 ජූලි මස 20 දින පළ කළ ගැසට් පත්‍රයේ පළ කරන ලද මානව හිමිකම් සංවිධානය සංස්ථාගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පිළිබඳව “ලංකා ලීඩ්ස් නිවුස්” වෙබ් අඩවිය ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතාගෙන් කරුණු විමසන ලදී. එතුමා අදහස් දක්වමින් පවසා සිටියේ පනතේ 6 සහ 7 වගන්ති ඉතා හානි දායක බවත්, ශ්‍රී ලංකාවේ ස්ථාපිතව ඇති මොනම ආයතනයකටවත් නොමැති බලයක් මෙයින් ලබා දෙන බවත්, ඕනෑම නීතියක් තමුන්ගේ අභිමතය පරිදි අර්ථකතනය කර ගැනීමට බලය දෙන බවත්, ඕනෑම අයෙකුගෙ චෝදනාවකට ඕනෑම ආයතනයක් පරීක්ෂා කිරීමට බලය දෙන බවත්, මෙවන් සංස්ථාවක් ලෝකයේ කිසිදු රටක තිබිය නොහැකි බවත් මෙම පනත මගින් රටට සිදු කළ හැකි හානිය ඉතා අසීමිත බවත්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් යසස් ධර්මදාස මහතා “මේ පනත් කෙටුම්පත සම්පූර්ණයෙන්ම පහුගිය 46 වන මානව හිමිකම් සමුළුවේ මිෂෙල් බැටලිගෙ යෝජනාව පරිදි සිදුවන දෙයක්. අපට පෙනෙන හැටියට මෙය 30/1, 44/1, 46/1 මානව හිමිකම් සමුළුවේ යෝජනාවලට අනුකූලව ස්ථාපිත කර ඇති කැනඩාවේ බිල් 102 හා ඇමරිකාවේ 414 යන පනත්වලම දිගුවක්. මෙය විපක්ෂයේ මන්ත්‍රී යෝජනාවක් ලෙස ආවත් ආණ්ඩුවත් මේ යෝජනාවට අනියමින් සහයෝගය දක්වනවාද කියා සැකයක් මතුවෙනව. එවැනි කුමන්ත්‍රණයක් ආණ්ඩුව තුළ සිදුවන්නේ නොමැතිනම් මෙය තවත් හොඳ අවස්ථාවක් පැවැති ඊනියා යහපාලනය සහ සජබය ඉන්නෙ කොතනද කියන තක්සේරුව ලබා ගන්න. රණවිරුවන්‍ට එරෙහිව කරන සැහැසිකම් මේ කණ්ඩායම තාම නවත්වල නෑ. කරුමෙටවත් සජබය පහුගිය මහ මැතිවරණයෙදි ජයග්‍රහණය කළා නම් මොකද වෙන්නෙ කියල හිතා ගන්න පුළුවන්. ඔවුන් මෙතරම්ම දේශ ද්‍රෝහී වෙන්න හේතුව හිතාගැනීම පවා අපහසුයි” යනුවෙන් පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...