සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා කොරෝනා ආසාදිත යයි තහවුරු වී ඇති අතර පසුගියදා ගුරු විදුහල්පති විරෝධතාවයටද සහභාගි වී ඊට සහයෝගීතාවය දක්වා ඇති බවද වාර්තා වේ.
ඔහුගේ සමාජ ජාල ගිණුමේ පළ කර ඇති ඡායාරූප මගින් පසුගියදා තංගල්ල නගරයේ පැවති විරෝධතාවයකට ඒ මහතා එක්ව සිටින අයුරුත් එම විරෝධතාවයන්ට සහයෝගය පළ කරන අයුරුත් දැක ගත හැකිය.
ඒ අනුව මහජන සෞඛ්‍යය පරීක්ෂක සංගමයේ නියෝජිතයෙකු අප හා පවසා සිටියේ එම විරෝධතාවයට එක් වූ ගුරු විදුහල්පතිවරු රැසක් ඔහුගේ පලමු පෙල ආශ‍්‍රිතයන් බවට පත්ව ඇති බවයි. මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ ගුරුවරුන් පිරිසක් අප හා පවසා සිටියේ දිලිප් වෙදාආරච්චි මහතා හිතා මතා කොවිඩ් වෛරසය බෝ කිරීමේ කටයුතු වල නිරත වූවා දැයි සැක සිතෙන බවයි. එම ගුරුවරුන් වැඩි දුරටත් අදහස් දක්වමින් ගුරුවරුන්ගේ සත්‍යය ගැටලුව දඩ මීමා කරගෙන රට අස්ථාවර කිරීමේ මෙහෙයුමක විපක්ෂයේ සමහරුන් නියැලී සිටින බව සැක සිතෙන බවද පවසා සිටියෝය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...