පොලිස් ආරංචි මාර්ග වලට අනුව හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ තිබු සී සී ටී කැමරා 16 ක් පරීක්ෂා කළ ද ඉෂාලිනි දැරිය ගිනි තබාගත් බව කියන දර්ශන හා ගින්න නිවු බව කියන දර්ශන එහි කිසිදු සී. සී ටී. වී. කැමරාවක සටහන් වී තිබී නැති බව කියවේ.
සිද්ධිය සම්බන්ධයෙන් රිෂාඩ් බදුයුද්දීන් මහතාගේ පාර්ශවය ලබා දුන් කට උත්තර වලට අනුව දැරියගේ සිරුරින් ගිනි දැල් හටගෙන තිබෙනු අන්දම කුස්සිය ආසන්නයේ දැක නිවැසියන් විසින් නිමා දැමු පසු ඇය නිවස ඉදිරිපිට පොකුණක් දෙසට දිවගොස් මද වේලාවක් එහි බැස සිට බවට ප්‍රකාශ විය. එම කට උත්තර වල සත්‍යය අසත්‍යය භාවය තහවුරු කර ගැනීමට එම පොකුණ ඇති ස්ථානයේ සී සී ටී වී කැමරාව පරීක්ෂා කළද එම කැමරා ක්‍රියා විරහිත වී තිබී ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව අදාල කැමරාව ක්‍රියා විරහිත වීම සම්බන්ධයෙන් පොලිසිය රිෂාඩි බදියුදීන් මහතාගේ බිරිඳගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට පත් වීම නිසා කැමරාව අලුත් වැඩියා කිරීමට නොහැකි වු බවත්, ඔහු නොමැති නිසා පිටස්තර කාර්මිකයන් කිසිවකු නිවස වෙත කැඳවුයේ නැති බවත් ඇය විසින් ප්‍රකාශ කළ බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
බද්යුද්දීන් මහතාගේ නිවසේ කැමරා 16 සවිකර තිබුණ ද සිද්ධිය වන අවස්ථාවේ එහි ක්‍රියාත්මකව ඇත්තේ කැමරා 14 ක් පමණක් බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව අදාල කැමරා ක්‍රියා විරහිත වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් මේ වන විට ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...