ශිෂ්‍ය සංවිධාන, විවිධ දේශපාලන පක්ෂ සහ ජාතික සංවිධානවල විරෝධය සැළකිල්ලට ගෙන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පාර්ලිමේන්තුවේ විවාදයට නොගැනීමට තීරණය කිරීම මගින් ආණ්ඩුව ඉතා හොඳ ප්‍රවණතාවයක් පෙන්වා ඇතැයි වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා පවසයි.
ලංකා ලීඩ් අමතා කථාකල අමරසේකර මහතා සදහන් කළේ මෙම අර්බුදකාරී අවස්ථාවේදී මහජන විරෝධයට ලක්වන ක්‍රියාමාර්ගවලට පුමුඛතාවය ලබානොදිය යුතු බවය. තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ අදාල පනත මගින් ඉතා පැහැදිලිවම පුද්ගලික විශ්වවිද්‍යාල ආයතනවලට කොතලාවල විශ්වවිද්‍යාලයේ උපාධිය ලබාදීමට හෙවත් විකිණිමට අවස්ථාව ලැබෙන බවය. එය අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීමේ නරකම ක්‍රමවේදයක් බවද ඔහු සදහන් කරයි.
පනතට සංශෝධන ගෙන ඒ්ම පිළිබදව ප්‍රශ්න කිරීමේදී ඔහු සදහන් කළේ පුද්ගලීකරණයට යොදාගත හැකි වගන්ති 7ක් පනතේ අඩංගුවන බැවින් ඒ්වා සංශෝධනය නොකර සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතු බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...