දේශීය පුවත්

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍යය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කර සිටිනේ කොරෝනා ආසාදිතයන් වැඩිවීම එක්තරා සීමාවක් පසුකර ගොස් රෝගීන් වැඩිවීමේ ශීඝ‍්‍රතාවයේ ඉහළ යෑමක් සිදු වුවහොත් සෞඛ්‍ය අංශවලට ඒ දෙස බලා සිටීම හැර කළ හැකි අන් යමක් නොමැති වන බවයි.

එහිදී ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ ඉකුත් කාලයේ ඉන්දීය ජනතාව මුහුණ දෙනු ලැබුවේ මෙම ඛේදනීය තත්ත්වයට බවත් මේ නිසා ඉන්දියාවේ සිදුව අකාරයේ තත්ත්වයක් උද්ගත නොවන අයුරින් සෞඛ්‍ය උපදෙස් පිළිපැද රෝගය පැතිර යෑමට ඇති සෑම ඉඩක්ම අවම කිරීමට රටේ සියලූ ජනතාවගේ වගකීම බවයි.

රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය සෞඛ්‍ය අංශවලට පමණක් තනිව විසඳිය නොහැකි බව අවධාරණය කරන හේමන්ත හේරත් මහතා පවතින තත්ත්වය තුළ සංචරණ සීමා යළි පනවන්නේ ද නැද්ද යන්න පිළිබඳව පුළුල් විශ්ලේෂණයන් තුළින් සියල්ල සමාලෝචනය කර ආදාළ බලධාරීන් තීරණය කරනු ඇති බවද පැවසුවේය.

ශ්‍රී ලංකාවේ සිදුවන කොරෝනා මරණ අතරින් ඉහළ ප‍්‍රතිශතයක් සහිත අති බහුතරයක් මියගොස් ඇත්තේ එන්නත් ලබා නොගත් පුද්ලයන් බව හේමන්ත හේරත් මහතා පවසා සිටියේය.

මේ අතර ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදය රට තුළ පැතිර යමින් තිබියදී සංචරණ සීමා තවදුරටත් ලිහිල් කිරීමට කටයුතු කිරීම ඇවිළෙන ගින්නට පිදුරු දැමීමක් බව නිවේදනයක් නිකුත් කරමින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඊයේ පවසා සිටියේය.

මේ අතර ගාල්ල කරාපිටිය රෝහලේ රෝහල් කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකුද මේ වනවිට කොරෝනා වෛරසයට ගොදුරු වී සිටින බවද සඳන් වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More