දේශීය පුවත්

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතට අනුව භාණ්ඩයක එක් අවස්ථාවක මිල ලකුණු කිරීමෙන් පසු එම මිල යළි වෙනස් කළ නොහැක.

එනම් මිල වැඩි වුවද සටහන් කර ඇති මිලටම පැරණි භාණ්ඩ තොග පාරිභෝගිකයාට අලෙවි කළ යුතුය.

මෙම නීති රීති උල්ලංඝනය කරමින් ලංකාවේ යතුරු පැදි අමතර කොටස් ආනයනය කරනු ලබන ප්‍රධාන සමාගමක් යතුරු පැදි අමතර කොටස්වල, මීට පෙර සටහන් කර ඇති මිල වෙනස් කර අධික ලාභ ඉපයීම සඳහා පැරණි තොග වලද ඉහළ මිල ගණන් යොදා අලෙවි කර ඇත.

මේ පිළිබඳව ක්‍රියාත්මක වූ පුත්තලම පාරිභෝගික අධිකාරිය වැටලීමක් සිදු කොට පුත්තලම, සමාගමට එරෙහිව අගෝස්තු මස 03 වන දින පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති අතර එහිදී සමාගමට දඩ මුදලක් නියම වී ඇත.

මේ පිළිබඳව ක්‍රියාත්මක වූ පුත්තලම පාරිභෝගික අධිකාරිය වැටලීමක් සිදු කොට පුත්තලම, සමාගමට එරෙහිව අගෝස්තු මස 03 වන දින පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති අතර එහිදී සමාගමට දඩ මුදලක් නියම වී ඇත.

මෙම මිල වෙනස් කිරීම් පිළිබඳව අලවි නියෝජිතයන් කිහිප දෙනෙකුටද පුත්තලම සහ ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පැවරීමට නියමිතව ද ඇත.

මෙලෙස පාරිභෝගිකයින්ගෙන් අසාධාරණ ලෙස මුදල් අය කරනු ලබන සටහන් මිල වෙනස් කිරීම් සම්බන්ධව දිස්ත්‍රික්කය පුරා තවදුරටත් වැටලීම් ක්‍රියාත්මක කරන බව පුත්තලම පාරිභෝගික අධිකාරිය වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More