පවතින වැටුප් ගැටලුවට විසඳුම් ඉල්ලා රජයට බලකරමින් ගුරු විදුහල්පති වෘත්තිය සමිති මාර්ග කිහිපයක් ඔස්සේ රථ පෙළපාලියකින් ඊයේ(4 ) කොළඹට පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවූහ.
ඒ අනුව කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවයේ නිරතව සිටි පුද්ගලයින් අතරින් 44 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍යය ප්‍රකාශකවරයා පවසා සිටී.
අත් අඩංගුවට ගත් පිරිසගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමුකල බව පොලිස් මාධ්‍යය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයින්වීම, ප්‍රධාන මාර්ගයක් අවහිර කිරීම, නිරෝධායන රීතිවලට පටහැනිව කටයුතු කිරීම එම අත්අඩංගුවට ගත් පිරිසට එරෙහිව එල්ලවී ඇති චෝදනා බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...