ඊයේ (04) පාර්ලිමේන්තුව හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අදහස් පළ කරමින්,
“ජනාධිපතිතුමාත් ඉන්නවා. අගමැතිතුමාත් ඉන්නවා. මාව අත්අඩංගුවට ගත්තේ අප්‍රේල් 24. දවස් 102ක් වෙනවා අද වෙනකොට. පැය 24ම වහලා දාලා තියෙනවා. අද වෙනතුරු කිසිම විමර්ශනයක් නෑ. මං බොරු කියන්නේ නෑ. ඇයි මාව අත්අඩංගුවට ගත්තේ කියලා OඓC මහත්තයාගෙන් අහනකොට මට කිව්වේ මගේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බාලසුභ්‍රමනියම් ට මිනිත්තු එකහමාරක් දුරකථනයෙන් කතා කරපු එකට කියලා ජනාධිපතිතුමනි. වෙන කිසිම කාරණයක් නෑ ජනාධිපතිතුමනි.” යනුවෙන් පවසා සිටියේය.
මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ ජාතික සංවිධාන එකමුතුවේ නියෝජිතයෙකු පවසා සිටියේ, පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහ මොලකරුවකු සමඟ සෘජු සම්බන්ධතා තිබූ බවට බරපතල ලෙස මාධ්‍යය මගින් හෙලිදරව් කරණ රිෂාඩ් බද්යුද්දීන් වැන්නෙකු රටේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉදිරියේ අහිංසක මිනිසෙකු ලෙස කරුණු දැක්වීම එම ප්‍රහාරයේ වින්දිතයන්ට කරණු ලබන බරපතල අපහාසයක් බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...