කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉදිකිරීම් සඳහා ඒ්කාබද්ධ සමාගමක් පිහිටුවා ඒහි කොටස් අයිතියෙන් 51%ක් අධානි සමාගමට ලබාදීමට ශ්‍රී ලංකාවේ රජය තීරණය කොට ඇති බව වාර්තා වේ. ඉතිරි කොටස්වලින් 15%ක් ශ්‍රී ලංකාවේ රජයට අයත්වන අතර කොටස් 35%ක් ජෝන් කීල්ස් සමාගමට හිමිවනු ඇත.
නමුත් ඒම සමාගම් අදාල ඉදිකිරිම්වලට අදාළ ආයෝජනයෙන් 75%ක් ණය වශයෙන් ලබාගන්නා බැවින් ඒම ණය වලින් 15% ගෙවීමේ වගකීම ශ්‍රී ලංකාවේ කොටස් අයිතියට පැවරේ. ඒ් අනුව අධානි සමාගමේ කොටස් අයිතිය වන 51% යනු සදාකාලික අයිතියකි.
ඒසේ වුවත් දකුණු පර්යන්තය ඉදිකිරීම සඳහා චීන සමාගමකට අයෝජන අවස්ථාව ලබාදීම සඳහා 2013 දී අත්සන් කළ ගිවිසුම අනුව වසර 35කින් අදාළ පර්යන්තය ශ්‍රී ලංකාවේ රජයට අයත් වේ. නැගෙනහිර ජැටියට එරෙහිව එල්ල වූ විරෝධය තුළ බටහිර ජැටිය පිළිබද සාකච්ඡාව පැන නැගුන අවස්ථාවේදී බලධාරීන් කළේ දකුණු පර්යන්තයට චීන ආයෝජන කැඳවූ ආකාරයට ක්‍රමය යටතේ බටහිර පර්යන්තය සදහා ඉන්දියානු ආයෝජන යොදාගන්නා බවය. පසුව එම තීන්දුව වෙනස් වන්නේ බලගතු රාජ්‍ය නිලධාරියෙකුගේ බලපෑම මත බවටද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...