උණුසුම් පුවත්

රසායනික පොහොර ආනයනය කිරීමට අවසර ලබාදී ඇති බවට පළ වන වාර්තා සත්‍යයෙන් තොර බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සඳහන් කරයි.

කාබනික පොහොර භාවිතයට රජය ගත් ස්ථාවරය කිසිදු වෙනසක් නැතැයි ද ඔහු කියා සිටියි.

මේ අතර මෙරටට රසායනික පොහොර ගෙන්වීම තහනම් කිරීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නැති බව මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල මහතා සඳහන් කරයි.

නමුත් කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය දියර නයිට්‍රිජන් ප්‍රමාණයක් රටට අවශ්‍ය බැවින් බලපත්‍ර මත ඒවා ගෙන්වා ගැනීමට පමණක් මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය දුන් බවද ඔහු සඳහන් කළේය.

නමුත් රේගු කටයුතු වල දී යොදා ගන්නා කේතය යටතට මෙම දියර නයිට්‍රජන් මෙන්ම ඇතැම් රසායනික පොහොර ද ඇතුළත් වන බව ද ඔහු පැවසීය.

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය රසායනික පොහොර පමණක් රජයේ බලපත්‍රයක් මතක ගෙන්වීමට ඉඩ දෙන බව දීම පොහොර සම්බන්ධ රජයේ ප්‍රතිපත්තිය බව ද ඔහු කියා සිටී.

මේ සඳහා දැනටමත් ටෙන්ඩර් කැඳවීම සිදුකර ඇති බවත් රජයේ නිර්දේශ මත පමණක් ගෙන්වීමට අනුමැතිය ලබා දෙන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More