මේ වන විට සියළු වෛද්‍ය සංගම්වල ඉල්ලිම් නොතකා ආණ්ඩුව විසින් සංචරණ සීමා ඉවත් කිරීම නිසා ඩෙල්ටා ප්‍රභේදය සීග්‍රයෙන් පැතිරීමේ අවධානමක් ඇතිවී තිබෙන බව ජාතික සංවිධාන පවසයි.
ලංකා ලීඩ් විසින් රටේ පවතින අනතුරුදායක තත්වය පිළිබදව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් කරුණු විමසීමේදී ඔහු ඒ බව සදහන් කළේය. තවදුරටත් අදහස් දැක්වූ ඔහු සදහන් කරන්නේ ආරක්ෂක හමුදාව මැදිහත්වීම මත එන්නත්කරණය ඉතා හොඳින් ඉදිරියට ගමන් කළත් වෛරසය ඊට වඩා වේගයෙන් ඉදිරියට ගොස් සමාජය වසා ගන්නා බවය. දැනටමත් රෝහල් ධාරිතාව ඉක්මවා යමින් තිබෙන නිසා සහ ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණය වැඩිවන නිසා මරණ ප්‍රතිශතය වැඩිවන අතර මහජන අසහනය සහ විරෝධතා ද වැඩිවිය හැකි බව ඔහු සදහන් කරයි.
ආණ්ඩුව සංචරණ සීමා ඉලක්ක සහගතව වැඩිකළ යුතු අවස්ථාවක ඒවා ලිහිල් කිරීම බරපතළ වරදක් බවද ඔහු සදහන් කරයි. මංගල උත්සවවලට අවසර දුන්විට උද්ඝෝෂණ කළ නොහැක්කේ කුමක් නිසාදැයි පුශ්න කෙරෙන්නේ ආණ්ඩුවේ වැරදි තක්සේරුවක් මත ගනු ලබන තීන්දු නිසා බවද ඔහු පෙන්වා දෙයි. ආණ්ඩුව විද්වතුන්ගේ මතයට කන්දී යම් පමණකට හෝ සීමා පැනවීමක් සිදුනොකලහොත් අනාගත බේඛදවාචකයක විත්තිකරුවන් විය හැකි යැයිද ඔහු කියයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...