දේශීය පුවත්

පාර්ලිමේන්තුව ආසන්නයේ ඊයේ (03) පැවති උද්ඝෝෂණය අතරතුර දී එය පාලනය කිරීමට උත්සාහ කළ මහරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. එච්. ජනකාන්ත මහතා බරපතළ තුවාල ලබා පැය තුනක ශල්‍යකර්මයට ලක් කළ බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

ස්ථානාධිපතිවරයාගේ වම් අතේ ඇඟිලි තුනකට බරපතළ තුවාල සිදුවී ඇති අතර ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ශල්‍යකර්මයකට ලක් කිරීම සඳහා තලවතුගොඩ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඒ මහතා ඇතුළත් කර තිබෙනවා.

කොතලාවල පනත හකුලා ගන්නා ලෙස රජයට බල කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් ඊයේ එම විරෝධතා පාගමන සංවිධානය කර තිබුණි.

එහිදී විරෝධතාවයේ නිරත සිසුන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයට පිවිසීමත් සමග පොලීසිය එම මාර්ගය අවහිර කළේය.

එමෙන්ම රජයේ දේපළවලට රුපියල් ලක්ෂ ගණනාවක අලාභයක් සිදු කිරීම, පොලිස් නිලධාරියකුට බරපතළ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් හඳුනාගත් පුද්ගලයන් රැසක් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් යොදවා තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More