දේශීය පුවත්

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇඳන් ධාරිතාවයෙන් සියයට 90ක් මේ වනවිට භාවිතයට ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 224ක ඇඳන් 33,136ක් පවතින අතර මේ වනවිට ඉන් ඇඳන් 30,046කම රෝගීන් සිටින බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

කොවිඩ් -19 ආසාදිතයින් 2,420 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනාගත් අතර දෛනික ආසාදිතයින් ගණන 2,000 ඉක්මවා ගියේ අඛණ්ඩව පස්වන දිනටය.

කොවිඩ් ආසාදිතයින් 500කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළත්ව සිටින රාගම ශික්ෂණ රෝහලේ ඇඳන් ධාරිතාව මේ වනවිට ඉක්මවා යෑම හේතුවෙන් එහි ඊයේ වනවිට රෝගීන් විවිධ ස්ථානවල තබා ප්‍රතිකාර කරන අයුරු දැකගත හැකිවිය.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තාක්ෂණික හා ශ්‍රම දායකත්වයෙන් නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ස්ථාපිත කළ ඇඳන් 160 කින් සමන්විත නව කොවිඩ් ප්‍රතිකාර ඒකකයක් අද පෙරවරුවේ විවෘත කෙරුණි.

මේ අතර කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ දෙවන මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා එන්නත ඊයේ පුද්ගලයින් 174,985 කට ලබා දී තිබේ.

ඊයේ දිනය තුළ ලබාදී ඇති මුළු එන්නත් මාත්‍රා ගණන 422,472කි.

වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවලට අනුව ඊයේ වනවිට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති මෙරට සමස්ත පුද්ගලයින් ගණන 1 කෝටි 3 ලක්ෂ 9,855කි.

එය මෙරට වැඩිහිටි ජනගහනයෙන් 73.6 % ක් වෙයි.

මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයන් ගණන 24 ලක්ෂ 48,361කි.

එය ප්‍රතිශතයක් ලෙස මෙරට වැඩිහිටි ජනගහනයෙන් 17.4 % කි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More