දේශීය පුවත්

ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා මාධ්‍යය වෙත පවසා සිටියේ ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලා ප‍්‍රදේශ හතරක සිට දැවැන්ත රථ පෙළපාලිවලින් ගුරුවරුන් අද (04) කොළඹට පැමිණීමට නියමිත බවයි.

ඒ අනුව නුවර පාරේ කඩවතින්, මීගමු පාරේ වැලිසරින් , හයි ලෙවල් පාරේ කොට්ටාවෙන් සහ ගාළු පාරේ මොරටුවෙන් පෙරවරු 10.00 ට රථ පෙළපාලිය ආරම්භ කර ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණීමට නියමිත බව ඒ මහතා පවසා සිටියේය.

ගුරු වෘත්තිය සමිති ඉල්ලීම්වලට විසඳුම් ලබා දීම සඳහා අධ්‍යාපන ඇමැති ජී. එල්. පීරිස් මහතා සමඟ ඊයේ (3) සිදු කළ සාකච්ඡාවේදී එළඹෙන අයවැයෙන් වැටුප් විෂමතා ඉවත් කිරීමට විසඳුම් ලබා දෙන බව ප‍්‍රකාශ කළද එය පිළිගත නොහැකි විසඳුමක් බව වෘත්තීය සමිති විසින් ඇමැතිවරයාට ප‍්‍රකාශ කළ බවද ජයසිංහ මහතා අවධරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද ජයසිංහ මහතා පවසා සිටියේ ගුරු විදුහල්පති ඉල්ලීම්වලට මෙතෙක් විසඳුමක් ලැබී නැති නිසා ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඉවත්වීම ඇතුළු වෘත්තීය ක‍්‍රියාමාර්ග ඉදිරියටත් ගෙනයන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More