2021 වර්ෂයේ ඡන්දහිමි නාම ලේඛනයේ ලියාපදිංචිවීමට මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉල්ලුම් කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව වැඩසටහනක් ආරම්භ කර තිබේ.
ඒ අනුව, නව මාර්ගගත ලියාපදිංචියට අදාළ තොරතුරු සපයා ගැනීම මැතිවරණ කොමිෂන් සභාවේ www.election.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සිදුකළ හැකිය.
2021 වසර සඳහා ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් කරගැනීමට සුදුසුකම් ලැබූ වයස අවුරුදු 18 සම්පූර්ණ වන ශ්‍රී ලාංකික පුරවැසියන් ලියාපදිංචි කිරීම, පවතින ඡන්ද හිමි නාමලේඛනයේ ස්වකීය නමෙහි අඩුපාඩු හෝ මුද්‍රණ දෝෂ නිවරැදි කිරීම, පදිංචිය වෙනස් වූයේ නම් එය වෙනස්කර ගැනීම, 2020 වර්ෂයේ ලියාපදිංචි නොවූ ඡන්ද දායකයින් ලියාපදිංචි කිරීම මෙම වැඩපිළිවෙල යටතේ සිදුකෙරේ.
මේ සම්බන්ධයෙන් පවතින ගැටලු eservices@election.gov.lk විද්‍යුත් ලිපිනයට යොමු කිරීමේ හැකියාව පවතින බවද එම කොමිසම දැනුම් දෙයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...