දේශීය පුවත්

කොවිඩ් -19 ට අදාළව තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය තනිවම මැන බැලීමේ හැකියාව ඇති නව ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

පෙනහළුවල ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමටත්, ලැබෙන වාර්තා තුළින් උපදෙස් ලබාදීම, පිරික්සුම් දත්ත ස්වයංක්‍රීයව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය කණ්ඩායම් සමග බෙදා ගැනීම සඳහාත් මෙම යෙදවුම හරහා හැකියාව පවතී.

ශ්‍රී ලංකා සෞඛ්‍ය තොරතුරු තාක්ෂණ සංගමය, ඩිජිටල් සෞඛ්‍ය සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය මධ්‍යස්ථානය එක්ව සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකරන රෝගී ප්‍රතිකාර සේවාවන් තවත් ශක්තිමත් කිරීමේ අරමුණින් එය නිර්මාණය කර ඇත.
“කොවිඩ් -19 ට එරෙහි ස්මාර්ට් පලිහ” (Self Shield) නමින් මෙම ජංගම යෙදවුම හඳුන්වා දී ඇති අතර එය භාවිතයෙන් පරිශීලකයන්ට කොවිඩ්-19 වෛරසයට අදාළව තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවබෝධයක් ලබාගත හැකිය.

ඒ අනුව ප්‍රමාදවීමකින් තොරව හැකි ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට ඒ හරහා උපකාරී වන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

විනාඩි කිහිපයකින් තම සෞඛ්‍ය තත්ත්වය තනිවම පරීක්ෂා කර බැලීමේ හැකියාව මෙම දෙයවුම හරහා ලබාදී තිබේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු https://sshield.org/ හරහා ලබාගත හැකිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More