දැනට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන අධ්‍යාපන විද්‍යා පීඨවල අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට අද (02) සිට සේවයට වාර්තා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දන්වා එවා ඇත.
මේ වනවිට සෑම අධ්‍යාපන විද්‍යාපීඨයකම නේවාසිකාගාර කොවිඩ් නිරෝධායන හා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන අතර එම පරිශ්‍රයන් මේ වනතුරු අධි අවදානම් කලාප ලෙස නම් කර තිබිණි.
නේවාසිකාගාරවල කොවිඩ් කඳවුරු පවත්වාගෙන යන නිසා ගුරු ශිෂ්‍යයන් සම්බන්ධ කරගෙන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සිදුවන දවසක් හෝ පැහැදිලි නැතිව තිබිය දී කොව්ඩ් කඳවුරු වෙත සෞඛ්‍යාරක්ෂිතව රාජකාරියට වාර්තා කරන ලෙස සියලුම ගුරු අධ්‍යාපන විද්‍යා පීඨ කාරයමණ්ඩල වෙත මෙම නිවේදනය නිකුත් කර තිබේ.
එම නිවේදනය අනුව මේ කැඳවීමේ අරමුණ 2021.07.30 දිනැති රාජ්‍ය සේවය යථා පරිදි පවත්වාගෙන යෑම යැයි දන්වා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...