දේශීය පුවත්

ඊයේ (02) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හම්වූ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය අමෙරිකාව විසින් ඉදිරියේදී මෙරට තුළ සිදු කිරීමට අපේක්ෂිත බලශක්ති ක්ෂේත්‍රයට අදාළ ආයෝජන පිළිබඳව සාකච්ඡා කර ඇති බව වාර්තාවේ.

එහිදී මෙරට කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා තවත් එන්නත් තොගයක් ප්‍රදානය කිරීමට අමෙරිකාව අපේක්ෂාවෙන් පසුවන බවද ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය මෙහිදී පවසා ඇති බව වාර්තාවේ.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික කටයුතු මෙන්ම ආර්ථික කටයුතු පිළිබඳව දෙරටට වැදගත් වන කරුණු රැසක් පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවුනු බවයි.

එහිදී අමෙරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ දැනට පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් මැතිවරණ ප්‍රතිසංස්කරණයට අදාළ විශේෂ කාර්ය සභාවක් පිහිටුවීම සම්බන්ධව සහ පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා නැවත පිහිටුවීමට ගෙන ඇති පියවර පිළිබඳව ද අමෙරිකාව සිය ස්තූතිය පළ කරන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More