දේශීය පුවත්

ඊයේ (02) පස්වරුවේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසා සිටියේ තම රෝහලට වාර්තා වන කොවිඩ් රෝගීන් සැලකිල්ලට ගැනීමේදී ඉදිරි දින කිහිපය තුළ රෝහල් ධාරිතාව ද ඉක්මවා යනු ඇති බව යි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රෝහල් අධ්‍යයක්ෂකවරයා පවසා සිටියේ මේ වනවිට දෛනිකව ළමුන් 15 දෙනෙකු පමණ රෝහලෙන් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගන්නා බවයි.

“මේ වනවිට රෝහල තුළ තබා ගැනීමටත් බැරි තරම් රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙනවා. රෝහල තුළ රෝගීන් 70 ගණනකට දෛනිකව ප්‍රතිකාර කරනවා. අපි බොරැල්ල ප්‍රදේශයේ, රාජගිරියේ වෙනත් ගොඩනැගිල්ලකුත් ලබා ගත්තා කුඩා දරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා. මේ යන තත්ත්වය අනුව ඒ ඉඩකඩත් මදි වෙයි. වැල්ලම්පිටිය ප්‍රදේශයේ තවත් ස්ථානයක් දැනට සොයාගෙන තියෙනවා. දරුවන් 600කට අධික ප්‍රමාණයක් මේ වනවිට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් වාර්තා වෙලා තියෙනවා. දැඩි සත්කාර ඒකකයේ ඇඳන් 6යි තියෙන්නේ. ඒ 6ම දැන් පිරිලා තියෙන්නේ.” යනුවෙන් පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More