හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවෙසේ සේවය කරමින් සිටින අතර තුර අභිරහස් ලෙස මිය ගිය දැරියගේ මරණය පිළිබඳ විමර්ශන කටයුතු කරන පොලිස් නිලධාරීන් හට තමන්ගේ ශරීරය පුළුස්සා දැමීම, පහරදීම ඇතුළු වධ හිංසා රැසකට මුහුණ දීමට සිදුවූ බව ඔහුගේ නිල නිවසේඉදී අපයෝජනයට ලක්වූවා යැයි සැක කෙරෙන දැරියන් 11 දෙනාගෙන් 09 දෙනකුම විමර්ශන භාර පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇති බව වාර්තාවේ.
ඒ අනුව අදාල නිවෙස තුළ හිටපු අමාත්‍යවරයාගේ කාලයේ ළමා අපචාර සිදුවූ බවට චෝදනා නගමින් රහස් පොලීසිය දැනටමත් එහි කාමර කිහිපයක් සීල් තබා තිබේ.
කෙසේ වුවද වත්මන් රජය පත්වූ දා සිටම වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට මෙම නිල නිවෙස ලබා දී තිබුණත් ඔහුට කොළඹ අවට නිවෙසක් ඇති නිසා එහි කොටසක් කොරෝනාවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් සහන ආහාර පාර්සල් සැකසීමේ මධ්‍යස්ථානයක් ලෙස ටික දිනක් භාවිත කර තිබුණි.
මේ අතර ළමා අපචාර සිදුවූ බවට සැක කරන මෙම නිල නිවෙස භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඒ බව අදාළ බලධාරීන්ට දැනුම් දීමටද අමාත්‍ය ගුණවර්ධන මේ වන විටත් පියවර ගෙන ඇති බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...