බස්නාහිර පළාතේ ස්ථාන රැසකදී අද (01) සිට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමේ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තාවේ.
ඒ අනුව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ අද(01) පෙ.ව. 8.30 සිට පැය 24 පුරාම කොළඹ විහාර මහාදේවී උද්‍යානයේදී ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම සිදුකෙරෙන බවත් එය ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කරන බවත් එලෙස පැය 24 පුරා එන්නත් ලබාදීම සිදුකෙරෙන්නේ මෙරට පළමු වරට බවතය.
මේ අතර බස්නාහිර පළාතේ තවත් ස්ථාන රැසකදී ඇස්ට්‍රාසෙනෙකා එන්නත අද සිට ලබාදීමට සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව පවසන යුද හමුදාපතිවරයා එන්නත ලබාගැනීමට පැමිණෙන පුද්ගලයින් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් කාඩ් පත සහ ජාතික හැඳුනුම්පත් රැගෙන ආ යුතු බව සෞඛ්‍ය අංශ පවසන බවද අවධාරණය කළේය.
එන්නත්කරණය සිදුකරණ ස්ථාන පහත පරිදි වේ.
කොළඹ දිස්ත්‍රික්කය එන්නත් ලබාදෙන ස්ථාන
මොරටුව රෝහල,අතුරුගිරිය රෝහල,නවගමුව රෝහල,පිළියන්දල රෝහල,අවිස්සාවේල්ල රෝහල,හෝමාගම රෝහල,කොස්ගම (සාලාව) රෝහල,තලංගම රෝහල,පාදුක්ක රෝහල,අංගොඩ රෝහල,මුල්ලේරියාව රෝහල,කළුබෝවිල රෝහල,බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,බොරලැස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,එගොඩඋයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,කොලොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,පිටකෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,විහාරමහාදේවී උද්‍යානය,දියත උයන,යුද හමුදා රෝහල නාරාහේන්පිට,වේරහැර හමුදා කඳවුර සහ පනාගොඩ බෝධිරාජාරාමය.
කොළඹ මහනගර සභා සීමාව
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව,පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය,සුගතදාස ක්‍රීඩාංගණය
ගම්පහ දිස්ත්‍රික්කයේ එන්නත් ලබාදෙන ස්ථාන
වතුපිටිවල රෝහල,බියගම රෝහල,දිවුලපිටිය රෝහල,දොම්පේ රෝහල , රදාවාන රෝහල,ගම්පහ රෝහල,ජාඇළ රෝහල,මීගමුව රෝහල,කිරිබත්ගොඩ රෝහල ,උඩුපිල රෝහල , මල්වතුහිරිපිටිය රෝහල,මිනුවන්ගොඩ රෝහල,මීරිගම රෝහල,රාගම රෝහල,විජය කුමාරතුංග රෝහල සහ පමුණුගම රෝහල,අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,
දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,
ජාඇළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,
කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,
මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,මාරිස්ටලා විදුහල මීගමුව,කිරිල්ලවල මහා විද්‍යාලය (කඩවත),ධර්මාලෝක විද්‍යාලය (කැලණිය)
කළුතර දිස්ත්‍රික්කයේ එන්නත් ලබාදෙන ස්ථාන
අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,පිඹුර ප්‍රාථමික පාසල,තලගල මංගලාරම විහාරස්ථානය සහ මහාමායා විද්‍යාලය සණස කාර්යාලය බෝපිටිය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...