කොළඹ පැවති සම්මන්ත්‍රණයකට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් හොංකොං විශ්වවිද්‍යාලයේ වෛරසවේදය පිළිබඳ මහාචාර්ය මලිත් පීරිස් මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තියේ දරුණුම අවධිය ඉදිරි මාස කිහිපය තුළ ඇති විය හැකි බවයි.
කොරෝනා වෛරසයේ නව ඩෙල්ටා ප‍්‍රභේදය හේතුවෙන් දකුණු ආසියානු කලාපයද ඇතුලුව ගෝලීය වශයෙන් ආසාදිතයන් අධික ලෙස ඉහළ යාමක් පෙන්නුම් කරමින් ඇතැයි ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ එම ප්‍රභේදය ලංකාවටද විශාල බලපෑමක් ඇති කරනු ඇති බව තමන් අවධාරණය කරන බවද ඔහු පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මලිත් පීරිස් මහතා ශ්‍රී ලංකාව තුළ මේ වනවිට සිදුවන වේගවත් එන්නත්කරණය සම්බන්ධයෙන් රජයට හා මහාචාර්ය චන්න ජයසුමනට ස්තූතිවන්ත වන බවත් ඉතිරි මාසයන්හි දී කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට එන්නත් මාත්‍රා 2 ලබා ගැනීම පවා ප්‍රමාණවත් නොවනු ඇතැයිද අනතුරු අඟවා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...