දේශීය පුවත්

එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීමෙන් පසුව සිරුරේ ඉහළ ප්‍රතිදේහ මට්ටමක් පැවති ජාතික රෝහලේ කණිෂ්ඨ වෛද්‍යවරුන් දෙදෙනකුට ද කොවිඩ් රෝගය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

වසංගතය යළිත් වේගයෙන් ව්‍යාප්ත වීමේ ස්වභාවය අවබෝධ කර ගැනීමට මෙම කරුණ අවධානයට ගත යුතු බවත් මේ වනවිට කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් ප්‍රමාණයෙන් තුනෙන් එකකට ඔක්සිජන් අවශ්‍යතාව මතුව ඇති බවත් කොළඹ වෛද්‍ය පීඨයේ කායික රෝග පිළිබඳ මහාචාර්යවරයකු ද වන ශ්‍රි ලංකා ජාතික රෝහලේ ප්‍රකට කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් පවසයි.

ඔහු තවදුරටත් සඳහන් කරන්නේ මේ වනවිට ශ්‍රි ලංකා ජාතික රෝහලට දරාගත නොහැකි මට්ටමට මේ වනවිට කොවිඩ් ආසාදිත රෝගීන් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවය.

ඇතැම් වාට්ටුවල කොවිඩ් ආසාදිතයන් එක පැත්තකත් ආසාදිත නොවන අය තවත් පැත්තකටත් වෙන් කොට තබන තරමට තදබදයක් නිර්මාණය වී ඇති බවත් කොවිඩ් ආසාදිත රෝගීන් සහ සාමාන්‍ය රෝගීන් එකම වැසිකිලි සහ ආහාර ගන්නා ස්ථාන භාවිත කරන පසුබිමක් තුළ රෝහල හරහා මෙය තවදුරටත් පැතිර යාමේ අවදානමක් මතුව ඇති බවත් මෙම විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.

රෝහලේ සිටින කොවිඩ් ආසාදිත රෝගීන්ගෙන් තුනෙන් එකකට ඔක්සිජන් අවශ්‍යතාව පවතින තත්ත්වයක් තුළ රෝහලේ සියලුම ඔක්සිජන් පහසුකම් සහිත ඇඳන් මේ වනවිට පිරි ඇති බව ඔහු පවසයි.

මේ අතර අද මධ්‍ය හමුවක් කැඳවමින් ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසුවේ කොවිඩ් – 19 වෛරසය ආසාදනයවීමෙන් ආසන්න වශයෙන් එක් මසකදී මරණ 4000ත් 4500ත් අතර සංඛ්‍යාවක් වාර්තා විය හැකි බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More