ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට යම් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී ඇති බවත් එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසයේ සිට පැවත එන්නක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.
අද (04) නව තනතුරෙහි වැඩ බාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් නව මහ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනට මුහුණපා ඇති ගැටලුකාරී තත්ත්වය ජය ගැනීම සඳහා කටයුතු කරන බවත් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ පහළ සිට ඉහළට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සෑදීම සඳහා කටයුතු කරන බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට පවතින මතය සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීන් නව මහ ලේකම්වරයාගෙන් විමසීමක් කළේය.
එහිදී මහ ලේකම්වරයා ප්‍රකාශ කළේ පක්ෂය තුළ පොදු එකඟතාවක් ඇති කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා පොදු එකඟතාවක් ඇති කිරීම කාර්යය තමන්ට පැවරී ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...