පොලිස් ආරංචි මාර්ග වලට අනුව හිටපු ඇමැති රිෂාඩ් බද්යුද්දීන්ගේ නිවසේදී අභිරහස් අන්දමින් පිළිස්සී මියගිය බාලවයස්කාර දැරියගේ මරණය යට ගැසීම සඳහා ඇගේ පවුලේ ඥාතීන්ට බලපැම් එල්ල කළ බව කියන පොලිස් මුලස්ථානයේ උසස් නිලධාරියකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව කියවේ.
මෙම සැකකටයුතු උසස් නිලධාරියා මිය ගිය දැරියගේ පවුලේ ඥාතීන් හමුවී ‘‘ඇමැතිතුමයි එයාගෙ පවුලෙ අයයි බොහොම වැදගත් උදවිය. එයාල මේ වගේ දේවල් කරන්නේ නැහැ. මේ ප‍්‍රශ්නය දිගට ඇදගෙන යන්න ඕනෙ නැහැ. මේක පොලිසියට ගෙනියන්න අවශ්‍ය නැහැ. රුපියල් පනස්දාහක් අරන් දෙන්නම් මේක මෙතනින් ඉවර කරලා දාමු.’’ යනුවෙන් පවසමින් ඔවුන්ට දැඩි බලපෑම් එල්ල කර ඇති බව වාර්තාවේ.
මෙම කරුණු අනාවරණය වී ඇත්තේ දැරියගේ අභිරහස් මරණයෙන් පසු ඇගේ සොහොයුරන් ඇතුළු පවුලේ සමීප ඥාතීන් පොලිසිය වෙත ලබාදුන් කටඋත්තර වලදී වීම විශේෂත්වයකි.
එම ඥාතීන්ගේ කටඋත්තර වලට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් මෙම නිලධාරියා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබිණි. එහිදී හෙළිවූයේ මෙම නිලධාරියා පොලිස් මූලස්ථානයේ රාජකාරි කරන නවාස් නමැති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයකු බවය.
මේ වන විට නවාස් නැමැති නිලධාරියාගේ දුරකථන වාර්තා විශ්ලේෂණයක් සිදුකරගෙන යන අතර ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමට ද නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි. මෙම නවාස් නැමැති නිලධාරියා කලක් රිෂාඩ් බද්යුද්දීන්ගේ පෞද්ගලික ආරක්‍ෂක පොලිස් නිලධාරියා ලෙස රාජකාරි කළ අයෙකු බවත් මොහු බදියුදීන්ගේ පවුලේ සමීප හිතවතෙකු බවත් අනාවරණය වී තිබේ.
දැරිය පිළිස්සී බරපතළ තුවාල ලැබීමෙන් පසු බදියුදීන්ගේ බිරිඳගේ පියා, නවාස් නමැති පොලිස් නිලධාරියාට දුරකථනයෙන් කතාකර මේ බව දැනුම් දී ඇති බවද විමර්ශන වලින් හෙළිවී ඇත.
එම දුරකථන සංවාදයෙන් පසුව නවාස් නමැති පොලිස් නිලධාරියා රිෂාඩ් බද්යුද්දීන්ගේ නිවස වෙත ගොස් ඒ වන විට එහි පැමිණ සිටි දැරියගේ ඥාතීන් මුණගැසී එම සිදුවීම යට ගැසීමට ඔවුන්ට බලපෑම් එල්ල කර ඇති බව මේ වනවිට පොලිසිය අනාවරණය කර ගෙන ඇති බවද වාර්තාවේ.
ඒ අනුව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සාක්‍ෂිකරුවන්ට බලපෑම් එල්ල කිරීම, අල්ලස් ලබාදීමට තැත් කිරීම ඇතුළු තවත් චෝදනා කීපයක් සම්බන්ධයෙන් මෙම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක‍්‍රියාත්මක කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...