නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත් ලුෂාකා කුමාරි ධර්මකිර්ති මහත්මිය විසින් ඊයේ(29) දින පොලිසියට නියෝග කර ඇත්තේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් මහතාගේ බොරැල්ල නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් ජිවිතක්ෂයට පත් ඉෂාලිනි ජුඩ් දැරියගේ සිරුර විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේ නිරෝධායන සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව අද (30) දින ගොඩගෙන දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සදහා සිරුර පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ රැගෙන යන ලෙසයි.
මෙහිදී රජයේ අධි නිතිඥ හංස අබේරත්න මහතා නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ (29) දින කරුණු වාර්තා කරමින් පවසා සිටියේ මියගිය දැරියගේ සිරුර නුවරඑලිය අධිකරණ බල ප්‍රදේශයේ පිහිටි හැටන් ඩයගම බටහිර කොටසේ පිහිට පොදු සුසාන භුමියේ මිහිදන් කර ඇති හෙයින් සිරුර යලිත් ගොඩගැනිමට නුවරඑලිය මහෙස්ත්‍රාත්වරියගේ අධික්ෂණය යටතේ සිදු කල යුතු බවයි. මියගිය දැරියගේ සිරුර ගොඩගෙන යලිත් පශ්චාත් මරණ පරික්ෂණයක් සිදු කිරිම සදහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් බි වාර්තාවක් මගින් කරුණු දක්වමින් රජයේ අධි නිතිඥ හංස අබේරත්න මහතා නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මේ බව අනාවර්ණය කර සිටියේය .
නුවරඑලිය දිසා අධිකරණයේ මහෙස්ත්‍රාත් ලුෂාකා කුමාරි ධර්මකිර්ති මහත්මිය රජයේ අධි නිතිඥවරයාගේ කරුණු සලකා බලමින් නියෝග කරනු ලැබුවේ වසම භාර ග්‍රාමසේවා නිලධාරිවරයා , මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ද සහභාගි කර ගනිමින් නිරෝධායන උපදෙස් වලට අනුකුලව විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේදි මිය ගිය දැරියගේ සිරුර (30) දින උදැසන 8.30 ට ගොඩගෙන සිරුර දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සදහා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත යොමු කරන ලෙසයි.
මේ වන විට මිය ගිය දැරියගේ සිරුර මිහිදන් කර ඇති ඩයගම වත්ත බටහිර කොටසේ පොදු සුසාන භුමියට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...