දේශීය පුවත්

ඩෙල්ටා වෛරසය රටේ ඕනෑම තැනකින් හමුවීමට ඉඩ ඇති නමුත් එය රට පුරා පැතිර ඇති බවක් එයින් අදහස් වන්නේ නැතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

ඩෙල්ටා වෛරසය ශරීරය තුළ ඇති කරන්නා වූ ප්‍රතික්‍රියාව අනෙකුත් වෛරසවලට සාපේක්ෂව වෙනස්වීම හේතුකොට ගෙන එය පෙණහලුවලට සහ අනෙකුත් ඉන්ද්‍රියන්වලට ඇති කරන භෞතික වෙනස්කම් හේතුවෙන් ඇතැම් අවස්ථාවල ඔක්සිජන් ලබාගැනීමේ අවශ්‍යතාව අනෙකුත් වෛරසවලට වඩා වැඩිවිය හැකි බවද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කරනවා.

එවැනි තත්ත්වයන් යටතේ අනපේක්ෂිත ලෙස කොරෝනා රෝගීන් වාර්තා වීම හේතුවෙන් කෙටි කාලයකදී පමණක් ස්ථාන කිහිපයකින් ඔක්සිජන් හිගවීමේ සිද්ධීන් ඉකුත් දිනවල වාර්තා වූ නමුත් ඔක්සිජන් අවශ්‍යතාව කෙතරම් වැඩි වුවද මේ මොහොත වනවිට හිඟයකින් තොරව ඔක්සිජන් තිබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More