දේශීය පුවත්

මෙරට තුළ ක්‍රියාත්මක වන සියලු අසභ්‍ය වෙබ් අඩවි තහනම් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය විසින් ඊයේ (29) දිනයේ දී විදුලි සංදේශ නියාමන කොමිසම වෙත නියෝග කර තිබෙනවා.

අදාළ වෙබ් අඩවිවලට ප්‍රවේශ වීම්, එවැනි වෙබ් අඩවි නාමයන් ලියාපදිංචි කිරීම, ගෙවීම් කිරීම හා සේවා සැපයුම්වලට අදාළ විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය විසින් කොමිසම වෙත වැඩිදුරටත් නියෝග කර තිබෙනවා.

නීතිපති දෙපාර්තුමේන්තුව විසින් මෙම අසභ්‍ය වෙබ් අඩවි හරහා මිනිස් වෙළෙදාම හා ලිංගික අපයෝජනය සිදු වන බවට අධිකරණයට කරුණු දක්වා කරන ලද ඉල්ලීමක් සලකා බලමින් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 ප්‍රකාරව අධිකරණ බලය භාවිත කරමින් මෙම නියෝග නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය කටයුතු කළා.

ගල්කිස්ස ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් ලිංගික කටයුතු සඳහා අන්තර්ජාලය හරහා අලෙවි කිරීමෙන් පසුව ඇතිවූ තත්ත්වය මත මෙම තීරණය සඳහා ප්‍රධාන හේතුවක් බවට පත්වී තිබුණා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More