දේශීය පුවත්

ශ්‍රී ලංකාවට පැමිණෙන මගී ගුවන් යානාවක ගෙන ආ හැකි එන්නත්කරණය සම්පූර්ණකළ මගින් සංඛ්‍යාව සඳහා පනවා තිබූ සීමාවන් ඉවත්කිරීමට මෙරට සිවිල් ගුවන් සේවා අධිකාරිවරයා පියවර ගෙන ඇති බව වාර්තාවේ.

ඒ අනුව, සම්පූර්ණ මගී සංඛ්‍යාව එන්නත් දෙකම ලබාගෙන දින 14ක් ගෙවා ඇති මගීන්ගෙන් සමන්විතව ශ්‍රී ලංකාවට පැමිණීමට ගුවන් සමාගම් සඳහා අවසර ලැබී තිබේ.

තවද ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ “ජෛව බුබුළ” සංකල්පය යටතේ ද සම්පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයින් ගුවන්යානයේ මුළු මගී ධාරිතාව සපුරා  මෙරටට ගෙන ඒමට අවසර ලබාදී තිබේ.

කෙසේ වුවද එන්නත් මාත්‍රා එකක් හෝ කිසිදු එන්නතක් ලබාගෙන නොමැති මගීන් ගුවන්යානයක රැගෙන ආ හැක්කේ 75 දෙනෙක් පමණක් වන අතර එම මගීන් මෙරටට පැමිණි පසු අනිවාර්යෙන්ම දින 14ක කාලයක් නිරෝධායනයට යොමුකළ යුතුය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More