දේශීය පුවත්

ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ දෙදිනක් පුරා පැවැත් වුණු රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මුදල් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීන්දුව පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව ඊයේ(30) නිවේදනය කළේය.

ඊයේ (29) පෙත්සම් විභාගය කැඳවූ අවස්ථාවේ දී යෝජිත පනත් කෙටුම්පතට අදාළව සිදුකිරීමට යෝජිත සංශෝධන අඩංගු ලේඛනයක් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ නිර්මලන් විග්නේෂ්වරන් මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරණු ලැබුවේය.

අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ නීතිඥ නිර්මලන් විග්නේෂ්වරන් මහතා යෝජිත පනත් කෙටුම්පත සම්මත වීම තුළින් මුදල් විශුද්ධිකරණයට අවකාශ සැලසෙන බවට පෙත්සම්කාර පාර්ශවය විසින් මතු කරන චෝදනාව ප්‍රතික්ෂේප කළේය.

නමුත් අදාල පනත් කෙටුම්පත තුළින් බදු ගෙවීම් පැහැර හරිමින් සිටින විශාල පිරිසක් බදු ජාලයට අසු කර ගැනීමට හැකිවනු ඇතැයි ද පෙන්වා දුන්නේය.

එහිදී පෙත්සම්කාර පාර්ශවය විසින් චෝදනා කර තිබුණු පනත් කෙටුම්පත තුළින් පනත් ගණනාවක අන්තර්ගත වගන්ති අක්‍රිය වීමක් සිදුවන බවට නගන තර්කය පිළිගත නොහැකි බව පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා දේශීය ආදායම් පනත ඇතුළු පණත් 02 ක් පමණක් එම පනත් කෙටුම්පත තුළින් බලපෑම් එල්ල කරන බව පිලිගනු ලැබීය.

ඒ අනුව ඔහු තර්ක කරණු ලැබූවේ අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති සියල්ල ආණ්ඩුකම ව්‍යවස්ථාවට අනුකූල බවය.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම් පිළිබඳ ලිඛිත දේශන ලබන සඳුදා (02) ඉදිරිපත් කරන ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඉන් අනතුරුව අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සිය රහසිගත තීන්දුව කථානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළේය.

පනත් කෙටුම්පත් අභියෝගයට ලක් රමින් සමගි ජන බලවේගය, ජනතා විමුක්ති, පෙරමුණ එක්සත් ජාතික පක්ෂය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව විසින් පෙත්සම් 08 ක් ඉදිරිපත් කර තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More