බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරමින් තමන්ව අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගැනීම නීතියට පටහැනි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටීම සලකාබැලීම සඳහා අගෝස්තු මස 10 වනදා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇති බව අධිකරණ ආරංචි මාර්ග පවසා සිටී.
මෙම පෙත්සම විජිත් මලල්ගොඩ, එස්. තුරෙයිරාජා සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ අද(29) කැඳවනු ලැබීය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාට පෞද්ගලික කරුණක් හේතුවෙන් අද (29) දින අධිකරණයේ පෙනී සිටීමට නොහැකි බැවින් එය සලකාබැලීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඔහුගේ කණිෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කරණු ලැබීය.
ඒ අනුව එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම සලකාබැලීම අගෝස්තු මස 10 වනදා දක්වා කල් තබණු ලැබීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...