ප‍්‍රධාන පුවත්

ඇමැතිවරුන් තිදෙනකුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔවුන්ට දොස් පවරා ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

සිය අමාත්‍යාංශ යටතේ ඇති ආයතනවල පවත්වාගෙන යන ඥාති සංග්‍රහ සම්බන්ධයෙන් ඉන් ඇමැතිවරුන් දෙදෙනකුම ජනාධිපතිවරයාගේ දෝෂ දර්ශනයට ලක්ව ඇතැයි වාර්තා වේ.

එක්තරා ඇමැතිවරයකු සිය අමාත්‍යංශය යටතේ පවතින ආයතනවල මුල් පුටු දෙකටම ළඟම ඥාතීන් දෙදෙනකු පත් කිරීම හා තවත් ඇමැතිවරයකු සිය අමාත්‍යාංශය යටතේ ඇති ආයතන දෙකකම මුල් පුටුවලට ළඟම ඥාතියකු පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙම දෝෂාරෝපණය එල්ල කර ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම තනතුරුවල වෙනසක් කරන ලෙස ජනාධිපතිවරයා ඔවුන්ට දන්වා ඇති බව ද ආණ්ඩුව දැඩි අපහසුතාවට පත්වන ආකාරයෙන් ඇතැම් ප්‍රකාශ කළ ඇමැතිවරයකුටද ජනාධිපතිවරයා දොස් පවරා ඇති බවද එම ආරංචි මාර්ගවලින් පැවසී ය.

මෙම ඇමැතිවරුන් තිදෙනාගෙන් දෙදෙනකුම බස්නාහිර පළාත නියෝජනය කරන අතර අනෙක් ඇමැතිවරයා ඌව පළාත නියෝජනය කරන ඇමැතිවරයකු බව වාර්තා වේ.

මේ අතර දේශපාලනඥයෙකුගේ සමීප ඥතියෙකු කොළඹට ආසන්න නගරයකින් කෝටි 40ක මුදලක් වියදම් කර අතිසුඛෝපභෝගී නිවසක් මිලදීගෙන ඇති බවද වාර්තා වේ.

මෙම නිවසට යන අතුරු මාර්ගය දෙපස පිහිටි කුඩා නිවාස කීපයක් හා පරණ බෝතල් පත්තර එකතු කිරීමේ කඩයකට වටිනාකමෙන් දෙගුණයක් ගෙවා ඒවා ඉවත් කර තිබෙන බවද වාර්තා වේ.

රජයට සම්බන්ධ ආයතනයක මාළු සැපයුම්කරුවෙකු වන කෝටිපතියෙකුට අයත් මෙම නිවස ටෙනිස් ක්‍රීඩා පිටියක් හා නාන තටාකයකින් සමන්විත වන බව වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More