පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ තබාගෙන සිටින සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් හා ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් ඇමති බලතල භාවිත කරමින් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුට අයත් තඹ කර්මාන්ත ශාලාවකට, විශේෂ සහන මිලකට රජයට අයත් තඹ තොග සපයා දී ඇති ආකාරය පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇතැයි නීතිපතිවරයා අද (ජූලි 28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ හෙළි කර සිටියේ ය.
නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකොන් මහතා ප්‍රකාශ කර සිටියේ, බදියුදීන් සොහොයුරන් දෙදෙනා විසින් තමන් රැඳවුම් භාරයේ තබා ගෙන සිටීමට එරෙහිව නියෝගයක් ලබා දෙන ලෙසට ඉල්ලා ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක අද (ජූලි 28) කැඳවූ අවස්ථාවේදීය.
විජය මලල්ගොඩ, එන්.බී. මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණි අමරසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ පෙත්සම් විමසුම සිදුවිය.
මෙම පෙත්සම් නිතිඥ ගෞරි තවරාසා මහත්මිය ගොනු කොට තිබූ අතර ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තෆා මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.
අගෝස්තු මස 25 වන දින පෙත්සම් යළි කැඳවීමට දින නියම විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...