මෙරට තුළ ක්‍රියාත්මක හියුමන් රයිට් වොච්, ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් ඇතුලු ජාත්‍යයන්තර රාජ්‍යය නොවන ආයාතන 11ක් එකතුව ලිඛිත ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටින්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැක පිට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන ඇති නීතිඥ හිජාජ් හිස්බුල්ලා මහතා කොන්දේසි විරහිතව නිදහස් කරණ ලෙසයි.
එහිදී එම සංවිධාන අවධාරණය කරන්නේ නීතිඥ හිජාජ් හිස්බුල්ලා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමට කිසිදු සාධාරණ සාක්ෂියක් නොමැති බවයි.
මේ අතර ඊයේ(28) විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණි අමරසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලුණි.
එම පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා පවසා සිටියේ පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුට අයත් තඹ කර්මාන්ත සමාගමක් වෙත එවක කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ වත්මන් පාලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විශේෂ අනුග්‍රහයක් සලසා දී තිබූ ආකාරය පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අප වෙත කරුණු පැහැදිලි කළ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බංඩාර මහතා පවසා සිටියේ මෙවැනි රාජ්‍යය නොවන සංවිධාන පෙනී සිටින්නේම අන්තවාදී සංවිධාන වෙනුවෙන් බවයි. එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් ඔහු පවසා සිටියේ මෙම මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානවලටත් ඉස්ලාම් අන්තවාදය මත පදනම්ව කටයුතු කරණ සංවිධානවලටත් මුල්‍යයමය සහයෝගය දක්වන්නේ එකම ස්ථානයකින් බවය. එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ රජයේ උසස් නිලධාරින් දේශපාලඥයන් ඇතුලු සමාජයේ ඉහළ මට්ටමේ පුද්ගල චරිත මිළදී ගැනීමටද ඉහත සඳහන් කළ මුල්‍යය අනුග්‍රහකයෝ ක්‍රියාත්මක වන බවත් ඔවුහු කවරදාකවත් සාධරණය වෙනුවෙන් පෙනී නොසිටින බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...