දේශීය පුවත්

ආර්ථික විශ්ලේෂණය සම්බන්ධ ලෝක ප්‍රසිද්ධ සඟරාවක් වන “බ්ලුම්බර්ග් “සඟරාව හා සම්බන්ධ “බ්ලූම්බර්ග්”වෙබ් අඩවිය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව ණය ගෙවීම පැහැර හරින රටක් බවට පත්වීමේ අවදානමින් බැහැර කරමින් ශ්‍රී ලංකාව නියමිත කාලයේ දී ඩොලර් බිලියනයක ණය මුදලක් ගෙවා දමා ඇති බවයි.

එහිදී එම වෙබ් අඩවිය වැඩිදුරටත් පවසන්නේ අඟහරුවාදා දිනයට කල් පිරුණු ඩොලර් බිලියන 1 ක බැඳුම්කර මුදල් ආපසු ගෙවීම සඳහා ශ්‍රී ලංකා රජය කටයුතු කර ඇති නිසා රටේ විදේශ ණය ආපසු ගෙවීමේ තත්ත්වය නොවෙනස්ව පවතින බවයි.
මේ අතර එම වෙබ් අඩවිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ තවත් ඩොලර් මිලියන 500ක බැඳුම්කරයක් සහ ඩොලර් බිලියන 1 ක ණය මුදලක් ඉදිරියේ දී ගෙවා දැමීමට ශ්‍රී ලංකාවට නියමිත බවයි.

මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා “බ්ලූම්බර්ග්” වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් අවධාරණය කර ඇත්තේ සංචිත පහළ යෑම තාවකාලික තත්වයක් වන බවත් එය ඉක්මනින්ම යථා තත්වයට පත් වනු ඇති බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More