සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ට අද (28) පෙරවරු 10 ට රහස් පොලිසියට වාර්තා කරන ලෙස රහස් පොලිසිය විසින් දන්වා තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව මීට පෙර අවස්ථාවක පාර්ලිමේන්තුවේ දී කළ හෙලිදරව්වක් පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මේ කැඳවීම කර ඇත.
අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් බුද්ධි අංශ නිලධාරියෙකු සහ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයන් අතර සම්බන්ධතා සොයාගෙන ඇති බව හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මේ වසරේ අපේ‍්‍රල් මාසයේ දී පාර්ලිමේන්තුවට පැවසීය.
ඔහු කියා සිටියේ එම බුද්ධි අංශ නිලධාරියා දෙහිවල දී මරාගෙන මැරෙන බෝම්බකරුගේ නවාතැනට ගොස් ඇති බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...