මේ වන විට රක්ෂිත බන්ධනාගාර කර ඇති ඇමැති රිෂාඩ් බදුර්දීන්ගේගේ බිරිඳ වන ශ්‍යාබ්දීන් අයිෂාගේ තවත් සොහොයුරකු දැරියක දූෂණය කිරීමේ සිද්ධියකට වරදකරු වී 2007 වසරේ මැයි මස 29 වැනිදා අධිකරණය මගින් සිර දඩුවම් නියම කර තිබෙන බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
කොළඹ අංක 01 මහාධිකරණය මගින් ශ්‍යාබ්දීන් අයිෂාගේ සොහොයුරු වන මොහොමඞ් හනීෂ් නැමැත්තාට ඉහත සඳහන් දිනයේදී වසර පහළොවක සිර දඩුවමක් නියම කර ඇති අතර ඒ අනුව ඔහු සිරකරු අංක එල්. 17462 යටතේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිට ඇත. එසේ සිර දඩුවම් විදිමින් සිටි ඔහු ඉකුත් 2016 වසරේදී පමණ අදාළ දඬුවම නිමා වී බන්ධනාගාරයෙන් පිටව ගොස් ඇතැයි සදහන් වේ.
මේ අතර රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාරියක ලෙස සේවය කරමින් සිටියදී පිළිස්සුම් තුවාල සහිතව අතවරයටද ලක්ව මියගිය ඉෂාලිනී ජූඞ් එහි සේවය කළ කාලයේදි බදියුදීන්ගේ බිරිඳගේ සොහොයුරෙකු එම නිවසේ සිටි බවටද ඉකුත් දිනවල මාධ්‍යය වල වාර්තා පලවිය.
කෙසේ වුවද අදාළ දැරිය දූෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධව ඇත්තේ සිරගතව සිට පැමිණි බදියුදීන්ගේ බිරිඳගේ සොහොයුරා වන මොහොමඞ් හනීෂ්ම දැයි මෙතෙක් අනාවරණය වී නැති බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටී.
මේ අතර බන්ධනාගාර ආරංචි මාර්ග පවසා සිටින්නේ මොහොමඞ් හනීෂ් බන්ධනාගාරගතව සිටියදී රිෂාඞ් බදියුදීන් ඇමැතිවරයකුව සිටි අතර එම කාල සීමාව තුළ සිය මස්සිනා ඉක්මනින් නිදහස් කරවා ගැනීම සඳහා ඔහුගෙන් බන්ධනාගාර බලධාරීන්ට විවිධ බලපෑම් එල්ලවූ බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...