දේශීය පුවත්

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසා සිටින්නේ අද (28) දිනයේ සිට ඔන්ලයින් අධ්‍යයන කටයුතුවලින් ඉවත් වන බවයි.

එම සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, කොතලාවල ආරක්ෂක විද්‍යාල පනතට විරෝධය පළකරමින් මෙම තීරණයට තම සම්මේලනය එළඹ ඇති බවයි.

කොතලාවල ආරක්ෂක විද්‍යාල පනත සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ අදාල පනත මගින් නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම සිදුවන බවයි.

කොතලාවල ආරක්ෂක විද්‍යාල පනත සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ අදාල පනත මගින් නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම සිදුවන බවයි.

මේ අතර රාජ්‍යය අමාත්‍යය අනුරාධ ජයරත්න මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ අදාළ පනත සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

කෙසේ වුවද ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ එම පනත සංශෝධන සහිතව හෝ ගෙන ඒම වළක්වාලිය යුතු බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More