අවම සේවකයින් පිරිසක් සේවයට කැඳවීම හේතුවෙන් ආයතන කටයුතු පවත්වාගෙන යාමට නොහැකි බවට අමාත්‍යාංශ ලේකම්වරුන් රැසක් දැනුම් දී ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ, සියලුම රාජ්‍ය සේවකයින් ලබන මස 01 වැනි දා සිට නැවත සේවයට කැඳවීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානයට යොමු කරන බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බවත් ය.
රාජ්‍ය ආයතනවල සේවකයින් සේවයේ අවශ්‍යතාව මත මේ වනවිට සතියට දින 02 ක කාලයක් සේවයට කැඳවනු ලබන බවද වැඩිදුරටත් සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...